Friday, May 3, 2024

General line - 0115112241

ලෝකයේ බොරතෙල් මිල වසරේ අඩුම අගයට




ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් මේ වසරේ වාර්තාවූ අඩුම අගයකට පහත වැටී  තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රුසියා - යුක්‍රේන අර්බුදයයි.

ඒ අනුව බි්‍රතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 8 කින් පහත වැටී ඇති අතර අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 2 යි 4 කින් පහත වැටී තිබෙනවා.

ප්‍රධාන බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77 ත් 78 ත් අතර මට්ටමකයි. 


ඊයේ දිනයේ දැඩි පහළ යාමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අද දිනයේ යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 යි ශත 73 ක් ලෙසද, බි්‍රතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77 යි ශත 84 ක් ලෙසද දැක්වුණා.