Friday, May 3, 2024

General line - 0115112241

නාමල්ගේ නඩුවක් සලකා බලන්න දින නියම වෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් පෞද්ගලික සමාගමක යෙදවූ බවට චෝදනා කරමිනුයි මෙම පැමිණිල්ල කර තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

ඒ අනුව නීතිපති උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය පැමිණිල්ල නැවත ලබන මැයි මස 11 වනදා කැඳවීමට නියම කළා.