Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවටත් සල්ලි නැතුව ප්‍රශ්නයක්




පාසැල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ සෙස් බද්ද පැනවීම හේතුවෙන් නොව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර විවාදයට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසුවේ රජයට ලැබිය යුතු රුපියල් බිලියන ගණනක සුරාබදු ආදායම රටට අහිමිවෙමින් ඇති බවයි. 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ රට තුළ මත්පැන් ස්ටිකරය මුද්‍රණය කිරීමට ඉඩකඩ තිබියදී එය විදෙස් රටකට ලබාදී ඇති බවයි.

පාර්ලිමේන්තුව අද දිනයේ ද රැස්වීමට නියමිතයි.