Saturday, May 4, 2024

General line - 0115112241

තැපැල් සේවකයින් අද වර්ජනයේ




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම, තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ අතිකාල පැය ගණන කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම එක්දින වැඩවර්ජනය කැඳවා ඇති බවයි. 

මෙම ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ අද දින සේවයට වාර්තා නොකරන සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙන බවයි. එමෙන්ම මේවනවිට රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ඉල්ලීම් අසාධාරණ බව ද තැපැල්පති රංජිත් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළා.