Saturday, May 4, 2024

General line - 0115112241

භාවිතය අඩු කිරීමෙන් රජයට ඉතිරි වූ කඩදාසි තොග ගැන අනාවරණයක්




රජයේ කාර්යාලවල ලිපිද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ගත් තීරණය මේවනවිට සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ලේකම්වරයා කියාසිටියේ පාර්ලිමේන්තුවට මුද්‍රණය කර ලබාදෙන රාජ්‍ය ආයතනවලට අදාළ වාර්ෂික වාර්තා පිටපත් ප්‍රමාණය 350 සිට 12ක් දක්වා අඩු කර ඇති බවයි.

අනෙකුත් පිටපත් සංයුක්ත තැටිවලට ඇතුළත් කර ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඇතැම් වාර්තා විද්‍යුත් තැපෑල හරහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු කියාසිටියා. 

රජයේ කාර්යාලවල ලිපිද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ගත් තීරණයට අනුව මේවනවිට කඩදාසි මිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළේ.