Saturday, May 4, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු අධිකරණයට රැගෙන එයි




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමටයි ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවත් තිබෙන්නේ.

මෙම නඩුව පසුව කැඳවීමට නියමිත අතර එහිදී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල ප්‍රගතියද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි.