Tuesday, May 7, 2024

General line - 0115112241

අංගොඩ නිවසින් ඇල්ලු හෙරොයින් තොගය ගැන තවත් තොරතුරු හෙළිවෙයි




අංගොඩ ටයර් හංදිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැණුනු හෙරොයින් තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණයවී තිබෙනවා.

එම ප්‍රදේහයේ නිවසක ඇඳක් යට ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගැනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 12 ක්.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 32 කට අධික බවයි පොලීසිය පැවසුවේ.

එම හෙරොයින් තොගය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජිල් නමැත්තාට අයත් බවයි සිදුකළ විමර්ශණවලදි අනාවරණවී ඇත්තේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා  වැඩිදුර විමර්ශන සඳහා  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.