Sunday, May 19, 2024

General line - 0115112241

මෙරට අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා ආධාර ලබාදීමට චීන රජයේ එකඟතාව




ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමකට අදාළව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක්ද මේ වන විට සිදු කර අවසන්.

යෝජිත ව්‍යාපෘතිය මගින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු පන්ති කාමර, ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු පන්ති කාමර, එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක්, චිත්‍රාගාරයක් සහ සම්මන්ත්‍රණ කාමරයක් ලබා දීමට අපේක්ෂිතයි.

ඒ අනුව අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.