Thursday, May 9, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට




ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් අද අත්අඩංගුවට ගත්තා. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්වයි.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

නාවික හමුදාවේ සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ දින ගණනාවක් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී, දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර තිබෙනවා. ඉන් අනතුරුවයි මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැණුනේ අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හා පාසැල් දරුවන් ඊට ගොදුරුවීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.