Wednesday, May 8, 2024

General line - 0115112241

එක රැයකින් බිත්තර මිල 47 සිට 60 දක්වා ඉහලට




වෙළඳපොලේ බිත්තර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වනතෙක් රුපියල් 47 ක මට්ටමේ පැවති බිත්තරයක මිල අද වන විට රුපියල් 60 කට ආසන්නවී ඇති බවයි ජනතාව පැවසුවේ.

ඊට හේතු වූයේ බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය ඊයේ අත්හිටුවීමයි. 

එක රැයකින් මෙලෙස බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලෝක කුකුළු විද්‍යා සංගමයේ සභාපති ආචාර්ය උෂාන් පල්ලේගමගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

ඉකුත් සමයේ ප්‍රමාණවත් පරිදි බිත්තර වෙළඳපොලට නොපැමිණීම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

මෙලෙස බිත්තර මිල යළි ඉහළ ගොස් ඇත්තේ මෙරට දරුවන් මන්දපෝෂණයේ අවධානමක පසුවන පසුබිමකයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ ප්‍රෝටීන් අධික ආහාරයක් වන බිත්තර දරුවන්ට ලබාදීම, දරුවන් මන්දපෝෂණයෙන් මුදා ගැනීමට වැදගත් සාධකයක් බවයි.