Friday, May 3, 2024

General line - 0115112241

මැලේසියාවේ නාය යාමකින් 21 දෙනෙකුට දිවි අහිමි වෙයි




මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රදේශයේ සිදු වූ නාය නායකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගලවා ගැනීමේ සේවකයින් 400 දෙනෙකු පමණ යොදවා සිදුකළ මෙහෙයුමකදී  පුද්ගලයින් 12 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය ගිය පිරිස අතර කුඩා ළමුන් 5 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බෑවුම් සහිත උස් ප්‍රදේශයක් නාය යෑමට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 51 දෙනෙකු පමණ  එහි කඳවුරු බැඳ සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් අදාළ ස්ථානය කඳවුරුගත වීම සඳහා අවසර ලබා දී ඇති ස්ථානයක් නොවන බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.