Sunday, May 12, 2024

General line - 0115112241

නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විශ්‍රාම යයි




මෙරට 24වන නාවික හමුදාපතිවරයා ලෙස 2020 වසරේ ජූලි මස 15 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද එම ධූරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

ඒ අනුව නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ධූරයේ රාජකාරී ආරම්භ කළා. අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේ දී අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් චාරිත්‍රානුකූලව නාවික හමුදාපති ධූරයේ රාජකාරී වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දුන් අතර පසුව ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින්ගේ සුභාශිංෂන මැද නාවික හමුදා රථ පෙළපාලියකින් ඔහු නාවික හමුදා මූලස්ථානයෙන් පිටව ගියා.