Sunday, May 12, 2024

General line - 0115112241

රටේ ඉදිරි ගමන් මග ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

හේරත් ඒකනායක




මහජනයාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ අයිතිවාසිකම්ද ආරක්ෂා කර ගනිමින් රට මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ ගමන් මඟ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද මහනුවරදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළීබතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය ක්‍රමානුකූලව සහනයකට පරිවර්තනය කර ගැනීමේ උත්සහයක මේ වන විට ආණ්ඩුව නිරත වන බවද දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.