Saturday, May 4, 2024

General line - 0115112241

චීන වැසියන් නගර අතහැර යයි




චීනය පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රොන් අනු ප්‍රභේදය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ ප්‍රධාන නගරවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති බවයි.

එමෙන්ම මෘත ශරීරාගාර සහ ආදාහනාගාර ද මළ සිරුරුවලින් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනය තුළ මෙවර ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා රැල්ලේ වින්දිතයින් බවට එරට වැඩිහිටි ජනතාව පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි බව ද  විදෙස් මාධ්‍ය වාර්තා කළා. රෝහල්ගත වන වැඩිහිටියන් බොහෝ දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනෙන බවත්, ඔවුන් ශ්වසන අපහසුතා හේතුවෙන් පීඩා විඳින බවත් සඳහන්. 


මේ අතර පවතින අවදානම හමුවේ වැඩිහිටි ප්‍රජාව චීනයේ ප්‍රධාන නගර අතහැර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය පවසන්නේ දරුවන් විසින් සිය වැඩිහිටි මව්පියන් සහ වයෝවෘද්ධ ඥාතීන් නගරබද ප්‍රදේශවලින් ඉවත් කර ග්‍රාමීය ප්‍රදේශ වෙත රැගෙන යන බවයි.

ඒ අනුව වැඩිහිටි ප්‍රජාව වැඩි වශයෙන් අතහැර යන නගර බීජිං හා ෂැංහයි වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 


මේ අතර නත්තල් දිනය යෙදී ඇති අද දිනයේදී නිවෙස් තුළට වී සිටින්නැයි බලධාරින් ෂැංහයි වැසියන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, ෂැංහයි නුවර තුළ දරුණු ලෙස කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්.

ෂැංහයි නුවර රෝහල්, මෘත ශරීරාගාර සහ ආදාහනාගාර ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.