Thursday, May 16, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජයත් ඉන්දියාවට




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව අද සමත්වුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 227 ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 314 ක් රැස්කළා.

ලකුණු 145 ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණයි.

ඒ අනුව ලකුණු 145 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ රවිචන්ද්‍රන් අස්වින්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගත්තා.  තරගාවලියේ වීරයා ලෙස චෙට්ස්වර් පුජාරා සම්මාන හිමිකර ගත්තා.