Saturday, May 4, 2024

General line - 0115112241

පැරිස් නුවරදී තිදෙනෙකුට මරු කැඳවමින් සිදු කළ වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි




ප්‍රංශයේ පැරිස්හිදී ඉකුත් සිකුරාදා කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සංක්‍රමණිකයින් කෙරෙහි වෛරයෙන් පසු වූ පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් 69 හැවිරිදි පුද්ගලයා සැලසුම් කර ඇත්තේ යුරෝපීය නොවන විදේශිකයින් මරා දැමීමට බවයි සැකකරුගෙන් පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා විශ්‍රාමික දුම්රිය රියදුරෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

2016 වසරේදී සැකකරුගේ නිවස මංකොල්ල කෑමකට ලක්වීම හේතුවෙන් ඔහු මානසික ආතතියෙන් පෙලුණු පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මීට පෙර සිය දිවි හානිකර ගැනීමකටද උත්සහ දරා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පොලීසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඉකුත් සිකුරාදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබුවා.