Wednesday, February 19, 2025

General line - 0115112241

යේමනයේ රෝහලකට ගුවන් ප්‍රහාරයක්



යේමනයේ උතුරු දිග ප‍්‍රදේශයේ රෝහලකට ගුවන් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

යේමන් රජයට සහාය දක්වන සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානය විසින් මෙම ගුවන් ප‍්‍රහාරය එල්ල කර ඇතැයි විශ්වාස කෙරෙනවා.