Sunday, May 19, 2024

General line - 0115112241

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපීම ලබන වසරේ සිට




වැරදි සිදුකරන රියදුරන්ගේ රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල 2023 වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ සම්පූර්ණ ලකුණු අහිමිවන රියදුරන්ට යළි රියදුරු බලපත්‍ර ලබාගැනීමට සම්පූර්ණ ක්‍රියාවලියම මුල සිටම ආරම්භ කිරීමට සිදුවන බවයි.

රියදුරු බලපත්‍ර අහිමිවීමෙන් පසු ඇතිවන තත්ත්වය කුමක්ද ?

මේ අතර 2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරනු ඇති.