Sunday, May 19, 2024

General line - 0115112241

අඛණ්ඩව තුන්වන මාසයටත් උද්ධමනය පහළට




අඛණ්ඩව තුන්වන මාසයටත් මෙරට උද්ධමනය අඩුවී තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය දැක්වෙන්නේ 57 යි දශම 2 ක් ලෙසයි. නොවැම්බර් මාසයේ උද්ධමනය 61 යි දශම බිංදුවක් ලෙස දැක්වුණා.

මෙලෙස මාසික උද්ධමනය පනහේ සීමාවට යළි පැමිණියේ මාස 05 කට පසුවයි. එමෙන්ම දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ පැවති 73 යි දශම 7 සිට 64 යි දශම 4 දක්වා අඩුවී තිබෙනවා.

මෙලෙස ආහාර උද්ධමනය හැටේ සීමාවට පැමිණියේ මාස 06 කට පසුව වීම විශේෂත්වයක්.