Sunday, May 19, 2024

General line - 0115112241

මිල වැඩිවීමෙන් රට පුරා බිත්තර අලෙවිය සීඝ්‍රයෙන් අඩුවෙයි

දර්ශාන් කානිල් / ටී කේ මහින්ද




බිත්තර මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ දක්වා අවසන්වී නැහැ. බොහෝ ප්‍රදේශවලද අද බිත්තර මිල දැක්වුණේ රුපියල් 60 සීමාව ඉක්මවා යමින්.

අද දිනයේද නගර කිහිපයකදී රුපියල් 55 ට බිත්තර අලෙවි කෙරුණද සෙසු කිසිදු ප්‍රදේශයක බිත්තර මිල රුපියල් 55 ක් දක්වා අඩුවී තිබුණේ නැහැ. බිත්තර ව්‍යාපාරිකයින් පවසන්නේ බිත්තර මිලදී ගැනීම සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවයි.

පාරිභෝගිකයින් පවසන්නේ බිත්තර මිල ඉහළයාම හේතුවෙන් මේ වන විට නිසි පෝෂණයක් ලබාගැනීම පිළිබඳ දැඩි අර්බුදයක් මතුකර ඇති බවයි.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසක් එක්ව බිත්තර මිල ඉහළ නංවා ඇති බවයි.

මේ අතර හෙට දිනයේද ලොරි රථ යොදා ගනිමින් කොළඹ සහ මහනුවරදී රුපියල් 55 ක මිලකට බිත්තර අලෙවි කරන බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.