Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයේ පුරප්පාඩු අතිරික්ත සේවකයින්ගෙන් පිරවීමේ තීරණයක්




දෙසැම්බර් 31 වනදායින් පසු විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා තීරණාත්මක අදියරකට පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

රට මූල්‍ය වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මෙවන් අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තරම් වාතාවරණයක් රට තුළ තිබේදැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්ණ කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නෙත් නිවුස් සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.