Sunday, May 19, 2024

General line - 0115112241

අභියෝග රැසක් මැද ලෝකය 2023 සැමරීමට සැරසෙයි




2023 නව වසර උදාවීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. මෙවර ලෝකයට නව වසර උදා වන්නේ අභියෝග රැසක් මධ්‍යයේයි. ඒ අතර ලෝකයම මුහණදී ඇති ආර්ථික අර්බුදය ප්‍රධාන වනවා.

ලොව ධනවත් රටවල පාහේ උද්ධමනය ඉහළ යාමත්, ජීවන වියදම වැඩිවීමත් ලොව සියලු දෙනාගේ නව අවුරුදු ප්‍රීතියට බලපෑමක් එල්ලකර අවසන්. චීනයෙන් යළි හිස ඔසවමින් ඇති කොවිඩ් අර්බුදය ලෝකය හමුවේ ඇති තවත් අභියෝගයක්.

ශ්‍රී ලංකාවද නව වසර උදාව සමරන්නේ අර්බුද රැසක් මධ්‍යයේයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නව අවුරුදු සැමරුම්වලට දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම, රැකියා අහිමිවීම, ආදායම කඩා වැටීම ජනතාව පීඩාවට පත්කරන ප්‍රධාන කරුණු අතරට අයත්. මෙවන් පසුබිමකත් ශ්‍රී ලංකාවට නව වසර සැමරිය හැකිද ? මේ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

නව වසරේදී ජීවිතය දියුණු කර ගැනීමට අප කළ යුත්තේ කුමක්ද ?

මේ අතර නව වසරට සෙත් පතා නෙත් එෆ් එම් රේඩියෝව පිංකම් මාලාවක් සංවිධාන කර තිබෙනවා. එය සිදු කෙරෙන්නේ කඩුවෙල කොරතොට රජමහා විහාරස්ථානයේදීයි.  

ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.