Sunday, May 19, 2024

General line - 0115112241

ලබන වසරේ දැඩි රාජ්‍ය වියදම් කප්පාදුවක්




ලබන වසරේදී රාජ්‍ය වියදම් දැඩි ලෙස අඩුකරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. සැණකෙළි, උත්සව, සැමරුම් වැනි අත්‍යවශ්‍ය නොවන කිසිදු අවස්ථාවක් සංවිධානය නොකරන ලෙසට ද දන්වා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මැතිවරණයක් පවත්වන ලෙසට ඇතැම් පාර්ශව ප්‍රකාශ කළද මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට විශාල මුදලක් වැයවන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.

අදින් පසුව 30,000 කට අධික පිරිසක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතයි. ඒ, රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා පහළ දැමීම හේතුවෙන්.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ විශ්‍රාම යාම නිසා රාජ්‍ය සේවයේ ඇතිවන පුරප්පාඩු පිරවීමට කඩිනමින් පියවර ගන්නා බවයි. විදුලි බල මණ්ඩලයේ පමණක් සේවකයින් 1,100 ක් 2023 වසරේදී විශ්‍රාම යාමට නියමිතයි. පොලිස් නිලධාරීන් 1,200 ක් ද අදින් පසු සේවයෙන් විශ්‍රාම යාමටයි නියමිතව ඇත්තේ.