Sunday, May 19, 2024

General line - 0115112241

තිහට දෙන්න බිත්තර රටින් ගේන්න - රජයට අලුත් යෝජනාවක්




පවතින බිත්තර අර්බුදයට විසදුමක් ලෙස බිත්තර ආනයනය කිරීමට කටයුතු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එසේ වුවහොත් බිත්තරයක් රුපියල් 30 කට ලබාදිය හැකි බවයි එම සංගමය පවසන්නේ.

ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්තානය වැනි රටවලින් බිත්තර ආනයනය කළ හැකියි. එසේ සිදුකිරීමෙන් කෘතිමව මිල ඉහළ නංවා ඇති බිත්තර මිල අඩුකළ හැකිවනු ඇති බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ. 

ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කළ හැකිද ? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගමගෙන් විමසීමක් කළා.

බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

බිත්තර මිල මේ වන විට රුපියල් 60 සීමාව ඉක්මවාගොස් තිබෙනවා. ලොරි රථ යොදා ගනිමින් රුපියල් 55 ට සීමිත නගර කිහිපයකදී පමණක් බිත්තර අලෙවි කිරීම ඉකුත් බදාදා මෙන්ම ඊයේ දිනයේ සිදුවුවද බොහෝ ප්‍රදේශවල බිත්තර මිල ඉහළ මට්ටමක පැවතුණා.