Sunday, May 19, 2024

General line - 0115112241

කොවිඩ් යළි හිස ඔසවද්දී ශ්‍රී ලංකාවට ගෙනා ෆයිසර් එන්නත් ලක්ෂ 75 ක් අපතේ යයි




ලොව පුරා කොවිඩ් යළි හිස ඔසවමින් ඇති පසුබිමක කොවිඩ් මර්ධනයට මෙරටට ගෙනආ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත බව පැවසූ ෆයිසර් එන්නත් ලක්ෂ 75 ක් අපතේ ගොස් ඇතැයි අනාවරණවී තිබෙනවා.

මේ බව අනාවරණය වන්නේ කොවිඩ් මර්දනය සඳහා මීට පෙර ලබාගත් එන්නත්වල ප්‍රබලත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවී ඇති බවට සෞඛ්‍ය අංශ විසින්ම ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

චීනය මෙන්ම අසල්වැසි ඉන්දියාව පවා මේ වන විට පසුවන්නේ කොවිඩ් අවධානමකයි. ශ්‍රී ලංකාවට ඇති කොවිඩ් අවධානම කෙබඳුද ? ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම්ද ? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සෘජුව ප්‍රශ්ණ කළා.

මේ, අද රතු කට්ට විශේෂාංගයට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.