Friday, May 3, 2024

General line - 0115112241

ශාෆ්ටර්ගේ මරණයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි විභාගය කල් යයි




ව්‍යපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගේ නිල කාමරයේදී  පැවැත් වුණා.

මෙම පරීක්ෂණය විවෘත අධිකරණයේ කැඳවූ අතර මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කරගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණා. මෙම පරීක්ෂණය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවුණේ නැහැ.

මෙහිදී මියගිය දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිඳ සහ තවත් විධායක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුණා.