Friday, May 3, 2024

General line - 0115112241

වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමත් අද - ඡන්දයක් ගැනත් ඉඟියක්




නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද රැස්වනවා. ඒ, පෙරවරු 09 යි 30 ටයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පෙරවරු 11 ටත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පස්වරු 02 ටත් රැස්වීමට නියමිතයි. උසස් නිළතල පිළිබඳ කාරක සභාව ද පස්වරු 03 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන ලෙසට ආණ්ඩු පක්ෂ කාර්යාලයේදී මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇතැයි නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් ඊයේ අනාවරණය කළා. ඇතැම්විට පාර්ලිමේන්තුවේදී අද දිනයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවටද මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ කාර්යාලය විසින් දැනුම්දී ඇති බවයි නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් වැඩිදුරටත් අනාවරණ කළේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආණ්ඩුවට තවත් අවස්ථාවක් පවතින බවයි. නාමයෝජනා භෘරගන්නා දිනයට පෙර පාර්ලිමේන්තුවේ සම්මත වන පනතක් හරහා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට අවස්ථාව ඇති බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.