Friday, May 3, 2024

General line - 0115112241

ඡන්දෙට තියෙන සල්ලිවලින් වී ගන්න පුළුවන් ද ? මැතිවරණ නිරීක්ෂකයින් උත්තර දෙයි




පළාත් පාලන මැතිවරණය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල වී මිලදී ගැනීමට ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමට පැෆරල් සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැතිවරණය පැවැත්වීම කල්දමා එම මුදල් සිය අමාත්‍යංශයට ලබාදුනහොත් ගොවීන්ද ආරක්ෂා කර ගනිමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබා දිය හැකි බවයි.

රටේ ආර්ථික අර්බුදයක් පවතින්නේ ද දේශපාලන නියෝජිතයින් ඇතිකළ තත්ත්වයක් හේතුවෙන් බවයි ඊට ප්‍රතිචාර දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. 

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට මුදල් නොමැති නම් මුදල් උපයාගත හැකි ආකාරය පිළිබඳව ද ඔහු මෙලෙස පැහැදිලි කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇතැයි වාර්තා වනවා.