Friday, May 3, 2024

General line - 0115112241

ලිට්‍රෝ පුංචි ගෑස් සිලින්ඩර් මිල අඩුවන අයුරු මෙන්න




කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණද, කිලෝග්‍රෑම් 2 යි දශම 3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 47 කින් පමණද අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 252කින් පමණ අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමනු ඇති බවයි. මාසිකව සිදු කරන මිල සංශෝධනයට අනුව එලෙස ගෑස් මිල පහත දැමෙනවා. 

මේ වන විට කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,610ක මුදලකටයි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,850 මුදලකටත්, කිලෝග්‍රෑම් 2 යි දශම 3 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 860 ක මුදලකටත් මේ වන විට අලෙවි කරනවා.