Friday, May 3, 2024

General line - 0115112241

ඖෂධ හිඟයට රජයට විසඳුම් නැහැ - වෛද්‍ය සංගමයකින් චෝදනා




රටේ ඖෂධ හිඟයට විසඳුම් ලබා දීමට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

ඖෂධ හිඟය මඟ හරවා ගැනීමට සිය සංගමය විසින් සකස් කළ දස වැදෑරුම් වැඩපිළිවෙළ අදාළ පාර්ශව වලට ලබාදුන්නද එයද මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසූවේ.

 


රට තුළ ක්‍රියාත්මක ඖෂධ මාෆියාව මැඩලීමටද මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් කියා සිටියේ.