Friday, September 20, 2024

General line - 0115112241

කැන්ගරුවෝ පරාජයේ වියරුවෙන් කළ දිමුත්ගේ දවාගැනීම ලොව පුරා ආන්දෝලනයට (VIDEO)



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රීලංකා කන්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.

තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කන්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 121 ලබාගෙන සිටිනවා.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ලකුණු 379ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කන්ඩායම සමත් වුණා.

කෙසේ වුවත් අද දිනයේ නේතන් ලියෝන්ගේ පන්දුවකට දිමුත් කරුණාරත්න දැවී ගිය ආකාරය පිළිබඳව මේ වන ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

මෙහිදී නේතන් ලියෝන් යවන පන්දුව දිමුත් කරුණාරත්න විසින් නිදැල්ලේ යාමට ඉඩ හරින අතර එය කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් විසින් රැකගනු ලබනවා.අනතුරුව කිසිවෙකු නොසිතූ මොහොතකදී නෙවිල් විසින් දිමුත් කරුණාරත්නව ස්ටම්ප් කිරීමකට හසුකරගනු ලබනවා.පසුව තෙවන විනිසිරු විසින් මෙය දැවීයාමක් ලෙස සටහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම දැවී යාම පිලිබඳ මේ වන විට යම් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී ඇති අතර මෙය ක්‍රීඩාවේ ජීව ගුණයට කෙතරම් ගැළපෙනවාද යන්න බොහෝ දෙනා ප්‍රශ්ණ කරනු ලබනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.