උත්සව සමය වෙනුවෙන් අමතර බස් රථ සහ දුම්රිය ගමන් වාර ධාවනයට එක් කරන බව ප්‍රවාහන අංශ පවසනවා.
ඒ අනුව හෙට සිට උත්සව සමය අවසන් වන තෙක් අමතර බස් රථ 50 ක් ධාවනයට එක්කරන බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.
මේ අතර උත්සව සමයේ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවා.