Saturday, May 4, 2024

General line - 0115112241

උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරිමද තහනම් වනවා.

විභාග නීතිය යටතේ විභාග ආරම්භ කිරීමට දින 5කට පෙර ඊට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නතර කළ යුතුයි.

ඒ අනුව ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු 2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්විය නෙහැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

උසස් පෙළ විභාගය ලබන 23වනදා ආරම්භ වනවා. එය පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් පැවසුවේ.