Saturday, May 4, 2024

General line - 0115112241

අධික සීතලෙන් ඉන්දියාවේ ජන ජීවිතයට බලපෑම්




ඉන්දියාවේ අධික සීතල හේතුවෙන් දෛනික කටයුතු වලට බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කාශ්මීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 6ක් දක්වා පහත වැටී ඇති බවයි.

එම ප්‍රදේශයේ නල පද්ධතිවල ජලය මිදීම හේතුවෙන් ජල සැපයුමටද බාධා එල්ල වී ඇති බව සඳහන්.

එමෙන්ම දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා වලටද බලපෑම් එල්ල වී තිබෙනවා. 


මේ අතර දිල්ලි අගනුවර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2යි දශම 2ක් ලෙස පවතින බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීදුම සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය 36ක ධාවනය ප්‍රමාද කිරීමට පියවර ගත් බව දුම්රිය බලධාරීන්ද ප්‍රකාශ කර තිබෙනවා.