Saturday, May 4, 2024

General line - 0115112241

බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර




මිරිස්ස ධීවර වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි වී තිබෙනවා.

ඒ, එම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය පස්වනදා ලද බුද්ධි තොරතුරක් මත එම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා නිළධාරීන් විසින්.

එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 235ක් සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙත් සැකකරුවන් මිරිස්ස, කඹුරුගමුව හා පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා නාවිකා හමුදා නිළධාරීන් විසින් අදාළ හෙරොයින් තොගය සමඟ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබුණා.