Friday, May 3, 2024

General line - 0115112241

දහම් පාසල් ගුරුවරුන්ට  සාම විනිසුරු පදවි




දහම් පාසල් ගුරුවරුන් 3,200කට සාම විනිශ්චයකාර තනතුර පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අධිකරණ  බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින්.

එම තනතුරු පිරිනමනු ලබන්නේ දහම් පාසල් ගුරු සේවයේ වසර 10කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන්ටයි.  

ඒ අනුව දහම් පාසල් ගුරුවරුන් 3,200කට සාම විනිශ්චයකාර තනතුරේ පත්වීම් ලිපි තැපැල් මඟින් යොමු කරන බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේ.