Saturday, May 4, 2024

General line - 0115112241

චීනයෙන් දුන් ඩීසල් අනිද්දා සිට ගොවීන්ට




චීනයෙන් පරිත්‍යාග කළ ඩීසල් තොගය ලබන සඳුදා සිට ගොවීන්ට බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිර්මාණය කළ නව යෙදවුමක් හරහා ගොවීන්ට ඩීසල් බෙදා හැරීමට නියමිතයි.

ගොවීන්ට නොමිලේ බෙදා දීම සඳහා චීනයෙන් ඩීසල් ලීටර් මිලියන 10යි දශම 6ක් ලබා දී තිබුණා. ඉන් කොටසක් ධීවරයන්ට ලබා දීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළේ. ඉතිරි ඩීසල් තොගය වන ලීටර් මිලියන 6යි දශම 9යි 8ක ප්‍රමාණය ලබන සඳුදා සිට ගොවීන්ට ලබා දෙනු ලබනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ගොවීන්ට මෙම ඩීසල් ලබා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. හෙක්ටයාරයක් දක්වා වගා කර ඇති ගොවීන්ට අස්වනු නෙලීමට මෙම ඩීසල් ලබාදෙන අතර හෙක්ටරයකට නිකුත් කරන ඩීසල් ප්‍රමාණය ලීටර් 15 ක් පමණ වනවා.