Saturday, May 4, 2024

General line - 0115112241

අස්ගිරි පාර්ශවයෙන් ජනතාවට දැනුම්දීමක්

කමල් සුරවීර / හේරත් බණ්ඩාර




බෞද්ධ සිද්ධස්ථාන ලෙස ව්‍යාජ සකස් කරන ස්ථානවලට නොරැවටෙන ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

බුදු දහම පදනම් කරගෙන ව්‍යාජව කටයුතු කරන පුද්ගලයන්ටද හසු නොවන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.