Wednesday, May 8, 2024

General line - 0115112241

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය පිලිබඳ සාක්ෂි කැඳවීම මහේස්ත්‍රාත් නිල මැදිරියේදී




ව්‍යපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී යලි පැවැත්වුණා.

එහිදී මියගිය දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය හඳුනාගත් ඔහුගේ සොහොයුරා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 13 වනදා දක්වා කල් තැබුණා. මෙම සාක්ෂි සටහන් කිරීම සිදු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේයි.