Wednesday, May 8, 2024

General line - 0115112241

මහින්ද - ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් සම්බාධක පනවයි 




හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට කැනඩාව විසින් සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

1983 සිට 2009 දක්වා වූ කාල සීමාව තුලදී ශ්‍රී ලංකාවේ ඇතිවූ සන්නද්ධ ගැටුම් වලදී දළ වශයෙන් සහ ක්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව ඉලක්කගත සම්බාධක පනවන බවයි කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

විශේෂ ආර්ථික පියවර පනතට අනුකූලව රෙගුලාසි ලැයිස්තුගත පුද්ගලයින්ට ගනුදෙනු තහනමක් පනවයි, එමඟින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් තහනම් කිරීමට සහ සංක්‍රමණ හෝ සරණාගතයින් ආරක්ෂණ පනත යටතේ කැනඩාවට ඇතුල්වීමට අවසර හිමි නොවෙනු ඇති.

මෙලෙස සම්බාධක පනවා ඇති සෙසු පුද්ගලයින් දෙදෙනා වන්නේ හිටපු යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක සහ නාවික හමුදා නිලධාරී ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයටයි.