Thursday, May 9, 2024

General line - 0115112241

දුම්රිය ගැන නව තීරණ රැසක් 




එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 05 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන හඳුන්වා දෙන බවයි එහිදී අමාත්‍යවරයාවැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100%ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර කොට ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවයි.