Thursday, May 9, 2024

General line - 0115112241

කොළඹ නගර සභාවට පොහොට්ටුව අලියා පිටේ




එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා අලියා ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට වාසිදායක තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ද එම පක්ෂ 02 අලියා ලකුණින් තරග කිරීමටයි තීරණය කර ඇත්තේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ස්වාධීන කණ්ඩායම පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ලකුණ ලෙස හෙලිකොප්ටරය තෝරා ගැනීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.