Sunday, April 28, 2024

General line - 0115112241

විකිරණශීලි ජලය ටොන් මිලියනයක් මුහුදට මුදා හැරීමට යයි 




මීට වසර කිහිපයකට පෙර භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති විකිරිණශීලි ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මේ වසර තුලදී මුහුදට මුදා හරින බව ජපානය පවසා සිටියා.

මෙම බලාගාරයේ පවතින ජලයේ විකිරණශීලී අංශුවල මට්ටම් ජාතික ප්‍රමිතියට අනුකූලව ආරක්‍ෂිත තත්ත්වයට පත්කර ඇති බවයි ජපානය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සඳහන් කර සිටින්නේ මෙම යෝජනාව ආරක්ෂිත නමුත් අසල්වැසි රටවල් ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බවයි.

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයෙන් පසු සිදුවූ දරුණුතම න්‍යෂ්ටික අනතුර 2011 ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයයි. 

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති අපවිත්‍ර ජලය ඉවත් කිරීම දැනටමත් ආරම්භ වී ඇති නමුත් ඒ සඳහා දශක හතරක් ගතවන බවයි සඳහන් වන්නේ.

භූමිකම්පාවෙන් හානියට පත්වූ න්‍යෂ්ටික බලාගාරයේ විකිරිණශීලි ජලය ටොන් මිලියන 1.3 කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බවයි වාර්තා වන්නේ.