Friday, May 3, 2024

General line - 0115112241

චීනයේ ජනගහනය සහ ආර්ථික වර්ධනයේ පසුබෑමක්




චීනයේ ආර්ථික වර්ධනය පසුබෑමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. චීනය ක්‍රියාත්මක කළ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඊට ප්‍රබල ලෙස බලපා ඇති බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

ඒ අනුව පසුගිය වසරේදී අපේක්ෂිත ආර්ථීක වර්ධන වේගයට ලගාවීමට චීනයට නොහැකි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී ඇත්තේ සියයට 3 කින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් චීනය අපේක්ෂා කර තිබූ ආර්ථික වර්ධන වේගය සියයට 5 යි දශම 5 ක් වනවා. කෙසේවෙතත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රතිශතයට වඩා චීනයේ ආර්ථික වර්ධනය යහපත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර චීනයේ ජනගහනය ද වසර 60 කින් පසුව පළමු වරට පහත වැටී තිබෙනවා. ඒ අනුව චීනයේ ජාතික උපත් අනුපාතය වාර්තා වන්නේ ඍණ 6 යි දශම 7 යි 7 ක් ලෙසයි. 2022 වසරේදී චීනයේ ජනගහනය බිලියන 1.4118 ක් ලෙස වාර්තා වනවා. එය 2021 වසරට සාපේක්ෂව අට ලක්ෂ 50,000 කින් පහත වැටීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.