Friday, May 3, 2024

General line - 0115112241

සාකච්ඡාවක් සඳහා පකිස්තානයෙන් ඉන්දියාවට ඇරයුමක්




දෙරට අතර පවතින ගැටළු සම්බන්ධයෙන් බැරෑරුම් සහ අවංක සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙනවා. ඒ, අල් අරාබියා පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කාශ්මීර අර්බුදය වැනි ගැටළු සම්බන්ධයෙන් ද ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි. 

ඉන්දියාව සමග පැවැති යුද ගැටුම් 03 කින් අනතුරුව පකිස්තානයට උගත් පාඩම් ඇති බවත්, මේවනවිට පකිස්තානයට අවශ්‍ය වන්නේ අසල්වැසියා සමග සාමයෙන් සිටීමට බවත් පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.