Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භුකම්පනයක් 




ඉන්දුනීසියාවේ ටෝබෙලා දුපත ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු පත්ලේ සිටි කිලෝමීටර් 60ක් ගැඹුරින් වන්නට බවයි එම කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියේ.

මෙම භූමිකම්පාව ශ්‍රී ලංකාවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 5,200ක් දුරින් සිදුව ඇති බවත් එයින් කිසිදු අවදානමක් මෙරටට නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේ.