Friday, May 3, 2024

General line - 0115112241

ඇමතිවරයෙකු ඇතුළු 18කට මරු කැඳවූ යුක්රේන හෙලිකොප්ටර් අනතුර (VIDEO)




යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. එලෙස මිය ගිය පිරිස අතර කුඩා දරුවන් තිදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යුක්රේනයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Denis Monastyrsky ද වන බව සඳහන්.

මෙම කඩා වැටීම හදිසි අනතුරක් ද නැතහොත් රුසියාව සමඟ මාස 11 කට ආසන්න කාලයක පැවති යුද්ධයේ ප්‍රතිඵලයක් ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර කියුවි අගනුවර ආසන්නයේ පිහිටි නගරයක් වන Brovary හි පෙර පාසලක් හා නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්රය අනතුරට ලක්වන්නට සුළු මොහොතකට පෙර එහි වීඩියෝවක් පහත දැක්වේ.