Friday, May 3, 2024

General line - 0115112241

මා තුල තවත් කිසිවක් ඉතිරිව නැහැ - නවසීලන්ත අගමැතිනිය ගත් තීරණය




නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති. 

මේවනවිට 42 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත අගමැතිනිය එරට කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වීමට නියමිතව තිබෙනවා. එම තනතුරට පත් කරන සුදුස්සා තෝරා ගැනීම සඳහා ඉදිරියේදී ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම නවසීලන්ත මහ මැතිවරණය ඔක්තෝම්බර් මස 17 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත.

සිය තීරණය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් හැඟීම්බරවූ නවසීලන්ත අගමැතිවරිය කියා සිටියේ රටට නායකත්වය දීමට අවශ්‍ය කිසිවක් තවත් තමන් තුල ඉතිරිවී නොමැතිව ඇති බවයි. 

2017 වර්ෂයේදී නවසීලන්ත අගමැති ධුරයට පත්වන විට ඇයට වයස අවුරුදු 37ක් වූ අතර එවකට ඇය ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව වුවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීම, කොවිඩ් වසංගතය, වයිට් අයිලන්ඩ් දුපතේ සිදුවූ ගිනි කඳු විධාරණය වැනි බාධක හමුවේ ඇය නවසීලන්තය පාලනය කිරීමට සමත් වූ රාජ්‍ය නායිකාව වශයෙන් ඉතිහාසයට එක්වෙනු ඇති.

රාජ්‍ය නායිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී දරු උපතක් සිදුකළ ලොව දෙවන රාජ්‍ය නායිකාව වශයෙන් ද ඇය ඉතිහාසයට එක්වී හමාරය.