Tuesday, May 14, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අදින් අවසන්




පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා භාර දීම අද මධ්‍යහ්න 12න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් අනතුරුව නාම යෝජනා භාරදුන් තැනැත්තන්ට විරෝධතා දැක්වීම සඳහා පැයයි මිනිත්තු 30ක කාලයක් ලබා දෙන බවයි එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ඉන් අනතුරුව තීරණය කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. 

මේ අතර පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් කල් දැමුවහොත් ජනතාවද ඊට එරෙහිව ප්‍රතිචාර දක්වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.