Tuesday, May 14, 2024

General line - 0115112241

රදැල්ලේ අනතුරෙන් මිය ගිය එකම පවුලේ 5 දෙනාගේ අවසන් කටයුතු පස්වරුවේ

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය , නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදියි.

දික්ඔය නගරයේ සියළුම වෙළඳසැල්වල සුදු කොඩි ඔසවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු වුණා.

අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරා මියගොස් තිබුණා. තුවාල ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41දෙනා ඇතුළු 53 දෙනෙකු තව දුරටත් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.